Saturday, March 11, 2017

ජීවිතේ අමතක නොවන සිදුවීම මොකක්ද?


ඔන්න යාලුවො දෙන්නෙක් බර කයියක්ලු.ඔහොම කතා කර කර ඉද්දි එක යාලුවෙක් අනිති යාලුවගෙන් මෙහෙම අහනවලු.

1 යාලුවා :- උබගේ ජීවිතේ අමතක නොවන සිදුවීම මොකක්ද බන්.

2 යාලුවා :- මම එකපාරක් දඩයමේ යනකොට එක පාරටම  සිංහයෙක් මගේ පස්සෙන් පැන්නුවා.මම දිව්වා.සිංහයා මගේ ඇගට පනින්න ඔන්න මෙන්න තියෙනකොට් ඌ ලිස්සලා වැටුනා.මම ආයෙත් ටිකක් හයියෙන් දිව්වා.මූ ආපහු පන්නනවා.මූ මගේ ලගටම ආපහු ආවට පස්සේ ආපහු මූ ලිස්සල වැටුනා.මට දැන් ගෙදර පේන මානයේ තිබ්බේ.මම තවත් හයියෙන් දිව්වා.සිංහයා නවතින්නෙත් නෑ.ඌත් ළඟ ළඟම එනවා.මූ ගැම්ම අරන් මගෙ ඇඟට පනින්න හදනකොටම ආපහු ලිස්සලා වැටුනා.මම ඉක්මණට ගෙදර ගිහිල්ලා දොර වහගත්තා.

1 යාලුවා :- බුදු අම්බෝ බන්....මම එහෙම ඔය වෙලාවේ හිටිය නම් මට බඩ යනවා සුවර්.

2 යාලුවා :- ඇයි උබ හිතුවද සිංහයා තුන් පාරක්ම ලිස්සල වැටුනේ ආතල් එකට කියල.

No comments:

Post a Comment