Saturday, March 11, 2017

ජීවිතේ අමතක නොවන සිදුවීම මොකක්ද?


ඔන්න යාලුවො දෙන්නෙක් බර කයියක්ලු.ඔහොම කතා කර කර ඉද්දි එක යාලුවෙක් අනිති යාලුවගෙන් මෙහෙම අහනවලු.

1 යාලුවා :- උබගේ ජීවිතේ අමතක නොවන සිදුවීම මොකක්ද බන්.

2 යාලුවා :- මම එකපාරක් දඩයමේ යනකොට එක පාරටම  සිංහයෙක් මගේ පස්සෙන් පැන්නුවා.මම දිව්වා.සිංහයා මගේ ඇගට පනින්න ඔන්න මෙන්න තියෙනකොට් ඌ ලිස්සලා වැටුනා.මම ආයෙත් ටිකක් හයියෙන් දිව්වා.මූ ආපහු පන්නනවා.මූ මගේ ලගටම ආපහු ආවට පස්සේ ආපහු මූ ලිස්සල වැටුනා.මට දැන් ගෙදර පේන මානයේ තිබ්බේ.මම තවත් හයියෙන් දිව්වා.සිංහයා නවතින්නෙත් නෑ.ඌත් ළඟ ළඟම එනවා.මූ ගැම්ම අරන් මගෙ ඇඟට පනින්න හදනකොටම ආපහු ලිස්සලා වැටුනා.මම ඉක්මණට ගෙදර ගිහිල්ලා දොර වහගත්තා.

1 යාලුවා :- බුදු අම්බෝ බන්....මම එහෙම ඔය වෙලාවේ හිටිය නම් මට බඩ යනවා සුවර්.

2 යාලුවා :- ඇයි උබ හිතුවද සිංහයා තුන් පාරක්ම ලිස්සල වැටුනේ ආතල් එකට කියල.

Friday, March 10, 2017

ඒ කෙල්ලව කලින් හම්බුනානම්


ඔන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාක් එකකට ගිහින්ලු ලව් කරන්න.ලව් කරන්න ගියාට කොල්ල ඔහේ කල්පනා කර කර ඉන්නවලු.කෙල්ලට මේකට අප්සට්ලු.

කෙල්ල :- අයියේ....

කොල්ල :- ම්....ඇයි මොකද?

කෙල්ල :- අර බලන්න අර අතන ඉන්න කපල් එක.ඒ කොල්ලා අර ගෑනු ළමයව තුරුළු කරගෙන ගොඩක් ආදරෙන් ඉන්න විදිහ.

කොල්ල :- ම්....ඉතිං....

කෙල්ල :- ඉතිං කියන්නෙ, ඇයි ඔයාට එහෙම බැරි.ඔයා මෙතෙනට ආපුවෙලේ ඉදන් කල්පනා කර කර ඉන්නවා විතරනේ.

කොල්ල :- ඒක තමයි සුදූ මම කල්පනා කරේ, ඒ කෙල්ලව කලින් හම්බුනානම් මට අද මේ වගේ බර කරත්තයක් තල්ලු කරන්න වෙන්නේ නෑනේ.මමනේ එහෙනම් අර අතන අර විදිහට ඉන්නේ.

කෙල්ල :- තොට හෙන ගහපන් වල් බල්ලා.

හැමදාම ඉතිපිසෝ ගාතාව කියල නිදාගන්න මටම ඇයි තමුසෙව පේන්නේ


ඔන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාක් එකක ලව් කර කර ඉන්නවලු.ඔහොම ලව් කර කර ඉද්දි කොල්ල මෙහෙම කියනවලු.

කොල්ල :- බලන්නකෝ මාර පුදුමයක්නේ.මට රෑට හැමදාම හීනෙන් ඔයාව පේනවනේ.

කෙල්ල :- අපෝ ඕක පුදුම වෙන්න දෙයක් ද? මට ඔයා ගොඩක් ආදරේ හින්දනේ ඔය.

කොල්ල :- ඉතින් යෝදියේ මට තියෙන පුදුමේ හැමදාම ඉතිපිසෝ ගාතාව කියල නිදාගන්න මටම ඇයි තමුසෙව පේන්නේ කියන එකයි.

කෙල්ල :- නොදකින් වල්බාවා.

තොගෙ අප්පගෙ ඩොකෙක් යකෝ තෝ


එක මිනිහෙක්ගෙ කකුලක් නිල් පාට වගෙ වෙලා තියෙන නිසා ඒ මිනිහා ඩොක්ට කෙනෙක් ළඟට ගියාලු මේක පෙන්නන්න.ඩොක්ට කිව්වලු කකුලට විෂබීජයක් ගිහිල්ලා තියෙන්නේ, කකුල කපන්න වෙනවා කියලා.ඊට පස්සේ ඒ කකුල කැපුවලු.ආයෙ ටික කාලෙකින් අනිත් කකුලත් නිල් වෙලාලු.ආපහු ඩොක්ටට පෙන්නුවලු.ඩොක්ට කිව්වලු අර විෂබීජෙම කාලයක් යනකොට මේ කකුලටත් ඇවිල්ලා, ඒ නිසා ඒ කකුලත් කපන්න වෙනවා කිව්වලු.ඒ කකුලත් කැපුවලු.දැන් මිනිහා බොරු කකුල් දෙකක් දාගෙනලු ඇවිදින්නේ.ඔහොම ටික දවසක් යනකොට ආයෙත් එක බොරු කකුලක් නිල් වෙලාලු.මූ ඩොක්ටව හම්බවෙන්න ගියාලු.

මිනිහ :- ඩොක්ට බලන්න මේ මගේ බොරු කකුලත් නිල් වෙලානේ.

ඩොක්ට :- අප්පට....දැන් නේ ඕයි වැඩේ මීටර් උනේ....තමුසෙගෙ මේ නිල් පාට සරමේ පාට යනවනේ ඕයි.

මිනිහ :- තොගෙ අප්පගෙ ඩොකෙක් යකෝ තෝ.

Thursday, March 9, 2017

උබ මගේ නංගිව සෙට් කරගනින්.මම උබේ නංගිව සෙට් කරගන්නම්


ඔන්න මාටිනුයි මාටිංගෙ යාලුවෙකුයි පාරෙ යනවලු.ඔහොම යද්දි මේ දෙන්න දකිනවලු ලස්සන කෙල්ලො දෙන්නෙක් පාරෙ යනව.

මාටිං :- අඩෝ අන්න පට්ට කෙල්ලො දෙන්නෙක් එනව මේ පැත්තට.

මාටිංගෙ යාලුවා :- යමන් යමන් සෙට් කරගමු.

ඔහොම  යද්දි කෙල්ලො දෙන්නත් දැක්කලු මේ දෙන්න ඒගොල්ලො පැත්තට එනව.

1 කෙල්ල :- ඒයි මේ අන්න ගොබ්බයෝ දෙන්නෙක් මේ පැත්තට එනවා.

2 කෙල්ල :- දැක්කෙ නෑ වගේ ඉමු කෙල්ලේ.කතාවට ආවොත් මම බලාගන්නම්.

මාටිං :- අහ්හ් නංඟි....

2 කෙල්ල :- හානේ ඔය දෙන්නා අපි දෙන්නගේ සහෝදරයෝ වගේමයි බ්‍රෝ.

මාටිං :- සිරාවට ? අඩෝ එහෙනම් උබ මගේ නංගිව සෙට් කරගනින්.මම උබේ නංගිව සෙට් කරගන්නම්.

1 කෙල්ල :- මූසලී කරේ ඔය.